දේශීය

මෙරට වැඩිම මන්දපෝෂණය සහිත දරුවන් ගම්පහින්

මෙරට උග්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී තිබෙනවා.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ උග්‍ර ළමා මන්ද පෝෂණය සහිත දරුවන් 1439 දෙනකු හා කොළඹ දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණ දරුවන් 320 දෙනකු හඳුනාගෙන ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ හා මැද කොළඹ මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද ඔහු සදහන් කළා.

ඉකුත් ජුලි මස සිදුකළ සොයා බැලීමකදී ප්‍රසූතියෙන් පසු දරුවන් 18,948 දෙනෙකගේ බර පරීක්‍ෂා කළ බවද වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියා.

මෙරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය 350,000 ක් පමණ වන මුත්, පසුගිය වසරේ දී දරු උපත් ප්‍රමාණය 304,500 දක්වා පහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button