Uncategorizedදේශීය

අපරාධකරුවන්ට උදව්කළ ජේලර් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන්ට සැඟව සිටීමට නිවසක් ලබාදුන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ජේලර්වරයාට අයත් රාජගිරිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් සංවිධානාත්මක අපරාධකරුවන්ට සැඟව සිටිමට ලබාදී ඇති බවයි.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින චතුවා නමැත්තෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු හෙළිවී තිබෙනවා.

පොලිසිය පැවසුවේ, එම නිවසේ තිබී සැකකරුවන් භාවිත කරන ලද ඇඳුම් සහ ජංගම දුරකථනයක්ද සොයාගත් බවයි.

මේ අතර, මාලිගාවත්ත පොලිස් වසමේ එච්.ආර්. ජෝතිපාල මාවත ප්‍රදේශයේදී පසුගිය පළමුවැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ, බේස්ලයින් පාරේ පදිංචි අවුරුදු 38ක අයෙක්.

මෙම සිද්ධියට අදාළව සැකකරුවෙකු පසුගිය 10 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු අනාවරණය කළේ, තමන් වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාලිගාවත්තේ නෙවිල් නමැත්තාගේ ඥාතියෙක් බවයි.

 සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ, තමන් කුඩා කළ සිට මිතුරෙකු ලෙස ඇසුරු කළ පොඩි කවී ඝාතනයට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුකළ ‍බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button