විදෙස්

රුසියානු යුක්‍රේන ආක්‍රමණය පිළිබඳ ශුද්ධොත්තම පියතුමන් සංවේදි වෙයි

රුසියානු යුක්‍රේන යුද්ධය සිය හදවතට විශාල රිදුමක් බව අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ඒ පිළිබඳ සංවේදි වෙමින් පවසා තිබේ.

වතිකානු මාධ්‍ය කාර්යාලය පවසන්නේ ශුද්ධෝත්තම පියතුමන් උද්ගතව ඇති වාතාවරණය සම්බන්ධයෙන් වතිකානයේ රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.

එහිදි යුක්‍රේනය සහ රුසියාව සාමකාමි බවට පත්විය යුතු බවට ශුද්ධෝත්තම පියතුමන් ඉල්ලීමක් කර ඇති බවද වාතිකානු පුවත් සේවය පවසනවා.

දෙරට අතර සාමය පතා මාර්තු මස 02 වනදා සුවිශේෂ නිරාහාරශිලය රැකීමේ සහ උපවාස කිරීමේ දිනයක් ලෙස නම් කිරීමටද ශුද්ධෝත්තම පියතුමන් පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button