දේශීය
සෞඛ්‍ය අමාත්‍යංශය කෝටි 4,500 ක් ණයයි

සෞඛ්‍ය අමාත්‍යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා .
එම අමාත්‍යංශය බැංකුවලට රුපියල් බිලියන 16 ක්, විදේශ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 15 ක්, දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 4 ක් සහ රෝහල්වල සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 10 ක් ලෙස ගෙවීමට ඇති මුදල් පවතින බව සඳහන් කළා .
දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදලින් බිලියන 2 ක් ගෙවීම සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.