පුහුණුවීමට ගිය දොස්තරල ගැන රජයෙන් තීරණයක් ගනී

විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
මෙසේ සේවය අතහැර යෑම හේතුවෙන් ( ගිවිසුම කඩ කිරීම නිසා ) රුපියල් කෝටි 20 කට ( මිලියන 200) වැඩි පාඩුවක් රජයට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.
විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 169 දෙනෙක් 2022 වර්ෂයේ දී ද 46 දෙනෙක් මේ වසරේ මේ දක්වා පුහුණුවීම් සඳහා ගොස් මෙසේ සේවය අතහැර සිටින බවයි වාර්තා වන්නේ.
මේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට හෝ එම මුදල් අය කර ගැනීමට කටයුතු කර ගෙන යන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙරට වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් දෙකෝටියක පමණ මුදලක්ද වැය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා රජයේ වියදමින් පුහුණුවට ගොස් මෙසේ සේවය හැර යෑම විශාල ඛේදවාචකයක් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පෙන්වාදෙනවා.