දේශීය
වෛද්‍යවරයෙක් බිහි කරන්න රජයට යන වියදම ලක්ෂ 40ක්- රංජිත් සියඹලාපිටිය

මෙරට වෛද්‍යවරයකු බිහි කිරීමට රජය රුපියල් හතළිස් ලක්ෂ අනූ දෙදහස් නවසිය පහළොවක්ද ( 40092915) ඉංජිනේරුවරයකු බිහිකිරීමට රුපියල් විසි එක් ලක්ෂ පන් දහස් දෙසිය විස්සක්ද ( 2105220)වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී ඔහු මේ බව පෙන්වා දී තිබුණා.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වෛද්‍යවරයකු නිර්මාණය කිරීමට රජය මසකට වැය කරන මුදල රුපියල් 68,000 කට වැඩි අතර මේ තත්වය සැලකිල්ලට ගෙන විදේශයන්ට යෑමට පෙර රට ගැන සිතන ලෙස වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.
වර්තමාන රජය සේම පැවති සෑම රජයක්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.