ක්‍රීඩා

20යි 20 ලෝක කුසලානයේ අවසන් තරඟ​ය අද

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි​යේ අවසන් තරඟ​ය අද (29) පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ​ය රාත්‍රී 8.00 ට බාර්බඩෝස් හිදී පැවැත්වෙනු ඇති.

මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඩී කාණ්ඩය යටතේ තරඟ වැදු​ණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාව​ලි ඉතිහාසයේ දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් තරඟය​ක් සඳහා සුදුසුකම් ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button