වැඩිවන විදුලි බිලේ අවසන් තීරණය අද

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි .
සියයට 65කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා .
කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව පසුගිය කැබිනට් හමුවේ දී සාකච්ඡාවට ලක්කිරිමට නියමිතව තිබුණද එය මෙම සතියේ දී සාකච්ඡාවට ලක්කිරීමට තීරණය කර තිබුණා .
මේ අතර විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන පෙත්සම ලබන අද දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව විදුලිය පාවිච්වි කරන්නන්ගේ සංගමය පවසනවා .
මේ වන විට ලක්ෂයකට අධික පිරිසක් මෙම පෙත්සම සඳහා අත්සන් කර ඇති බව එම සංගමය සඳහන් කළා .
ඒ අනුව අද පෙරවරුවේ එහි නියෝජිතයින් විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන පෙත්සම මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වෙත භාරදීමට නියමිතයි .