ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමවෙයි

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ වීථී සංචාරය කරනු ලැබුවා.
අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් සමන්විත පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව බොහෝ පිරිසක් පැමිණ සිටි බව දැකගන්නට ලැබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් තානාපතිවරුන් රැසක්ද, අවසන් රන්දෝලී පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියා.
ඇසළ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ චාරිත්‍රය මේ වන විට මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකළා.
දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව, සිව්මහා දේවාල පෙරහැර මහනුවර ඝණදෙවි කෝවිලට පැමිණ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව අද දහවල් පෙරහැර සඳහා එකතුවීමට නියමිතව තිබෙනවා.
මීට අමතරව, මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද (31) පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිහට භාර දීමට නියමිතයි.