දේශීය

ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වැසේ

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබෙනවා.

ඒ අනුව, මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇති බව සඳහන් වනවා.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වනවිට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා ඇති බව සඳහන්.

මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වනවිට පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button