දේශීය
ඩයනාට ඇප

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම මෝසම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.