දේශීය

ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළි ලබාදීමේ ගිවිසුමට අත්සන් තබයි

ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාව වැටලූ අවස්ථාවේදී, රැගෙන ගිය ඓතිහාසික වටිනකමක් සහිත කෞතුක භාණ්ඩ 6ක්, නැවත මෙරටට ගෙන් ඒම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකකට අද (28) අත්සන් තැබීමට නියමිතයි.

ඒ බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී යි.

1765 වසරේදී, මහනුවර රජ මාළිගාව වටළා එහි තිබූ කෞතුක භාණඩ රැගෙන ගොස් තිබුණේ, ලන්දේසී පෙරදිග ඉන්දීය සමාගමක් විසින්.

2022 වසරේ අප්‍රේල් මස ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තයේ විද්වත් පිරිසක් විසින් අවසන් කරනු ලැබූ පරීක්ෂණයකට අනුව, නෙදර්ලන්තයේ රිජික්ස් කෞතුකාගාර එකතුවේ තිබූ ප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් සහ රිදී කස්ථාන දෙකක්, පිහි, තුවක්කු දෙකක් මෙලෙස ශ්‍රී ලංකාවට භාර දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button