බාල බෙහෙත් සිද්ධියේ විමර්ශනවල ප්‍රගිතය අධිකරණය ඉල්ලයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කර තිබෙනවා.
ඊයේ (28) නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ එදින දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා සිටින සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළා.