අනුර ජනාධිපති වුණා කියලා මැජික් බලයෙන් රටේ ආර්ථිකය හරවන්න බැහැ – විජිත

තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් වුව ද රටේ වත්මන් තත්ත්වය අනික් පස පෙරළවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා පැවැති ජන රැලියක දී අදහස් දක්වමින්.
අමාත්‍යවරයා පවසන්නේ, ඒ සඳහා කලක් ගත වන බවත් ගෙදර ආර්ථිකය අරපරිස්සමින් කළමණාකරණය කර ගත යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,
“දැං සමහර වෙලාවට හිතෙනවා, U.N.P එකටත් බැරිවුණා. පොදු පෙරමුණටත් බැරි වුණා. මාලිමාව ඇවිත් කොහොමද මේක ගොඩ ගන්නෙ. හැමෝටම බැරි වුණා නම් ඔක්කොටම බෑ තමයි කියලා හිතෙනවා.අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණා කියලා, විශ්වකර්ම බලයෙන්, මැජික් බලයෙන් මේක අනික් පැත්ත හරවන්න ක්‍රමයක් නැහැ.අමාරුවෙන් කැපවීමක් කරලා, කිරි තේ එක වෙනුවට කහට එක බීලා, අනවශ්‍ය වියදම් කපා හැරලා, පරිස්සමෙන් පොඩි කාලයක් ගෙදර ආර්ථිකය පරිස්සමින් කළමණාකරණය කර ගත්තොත්, අපි ඒක කරමු.”