දේශීය

ආණ්ඩුවේ කඩාවැටීම ඊයේ ඉදන් ආරම්භ වුණා – විමල් වීරවංශ

ගෝඨාභය රාජපක්ෂ රජය කඩාවැටීම ආරම්භ වූයේ තමාවත් උදය ගම්මන්පිල මහතාවත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බවත් වර්තමාන රජයේ කඩා වැටීම ඊයේ (27) ආරම්භවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඊයේ ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව අමාත්‍ය ධුරවලින් ඉවත්කර අතර විමල් වීරවංශ මහතා පවසන්නේ එය මෙම රජය කඩාවැටීම ඉන් ඇරඹෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

“මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණෙකට එන්නෙ නැහැ. කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා බලයි වෙන කොහෙහරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button