දේශීය

චීන නැවට මෙතෙක් අවසර ලබාදීලා නෑ- විදේශ කටයුතු අමාත්‍යාංශය

‘ෂී යෑන් සික්ස්’ චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ දක්වා අවසර ලබාදීමක් සිදුකර නොමැති බව එම අමාත්‍යාංශය පවසනවා.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

නෞකාව මෙරටට පැමිණෙන දින වකවානු සම්බන්ධයෙන් මේ දක්වා දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවද, එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

කෙසේවෙතත්, ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, විදේශ කටයුතු අමාත්‍යංශය සහ නාරා ආයතනය විසින් සිදුකරන ලද ඉල්ලීමක් මත අදාළ නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාදුන් බවයි.

නෞකාවේ පැමිණීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය මගින්ද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

‘ෂී යෑන් සික්ස්’ චීන පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමේ සූදානමක් පවතින බව, පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එම නෞකාව මගින් දකුණු ඉන්දියානු සාගර කලාපය ඇතුළත් පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව, එම වාර්තාවල සදහන් වෙනවා.

කෙසේවෙතත්, සමුද්‍ර ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින්, චීන පර්යේෂණ නෞකාවේ පැමිණීම පිළිබඳව ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට කනස්සල්ල පළකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button