චීන පර්යේෂණ නෞකාව අද පිටත්වෙයි.

දිවයිනට පැමිණි yuan wang -5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිත බවට දැනුම් දී ඇති බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළා.
එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමිවුණා.
නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණීමට සුදානම්වීමත් සමඟ ඉන්දියාවෙන් ඊට දැඩි බලපෑමක් එල්ල වු අතර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙය දිවයිනට පැමිණියා.
කෙසේවෙතත් චීන නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව පවසා තිබුණේ එම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් බවයි.
එම නෞකාව ජුලි මස 12 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණද පැවැති ගැටලුකාරී වතාවරණය හමුවේ එම ගමන කල්දැමීමට තීරණය කර තිබුණා.
කෙසේවෙතත් අවසානයේදි දින 6ක සංචාරයක් සඳහා නෞකාව දිවයිනට පැමිණියද එම නෞකාව මඟින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසිදු නීතිවිරෝධි කටයුත්තක් සිදුනොකරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.