විදෙස්

බංග්ලාදේශයේ අගවිනිසුරුත් ඉල්ලා අස්වෙලා

බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේයි.

එමෙන්ම විරෝධතා මධ්‍යයේ මහ බැංකු අධිපතිවරයාද ඉල්ලා අස්වී තිබෙනවා.

කෙසේ නමුත් තනතුරේ වැදගත්කම සැලකිල්ලට ගෙන මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බංග්ලාදේශ විරෝධතාකරුවන් එරට අගවිනිසුරු ඔබයිදුල් හසන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වටලනු ලැබු බවද එරට මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම පසුගිය 05 වැනිදා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගත්තා.

විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙර සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත් අතර විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබුණා.

පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button