ව්‍යාපාරික

මහ බැංකුව තරඟෙට මුදල් අච්චු ගසයි – දැනට කෝටි 10,530ක්

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (15) නිකුත් කළ නිවේදනයට අනුව බිල්පත්/බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627ක් ලෙස සඳහන් වේ.

සඳුදා (14) දිනයේ එම ප්‍රමාණය දැක්වුනේ රුපියල් බිලියන 1,543.97ක් ලෙසටයි. ඒ අනුව මහ බැංකුවේ භාණ්ඩාඩගාර බිල්පත්/බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 83.03 කින් එනම් කෝටි 8,303කින් වැඩි වී ඇත.

මේ අනුව රුපියල් කෝටි 8,303ක නව මුදල් මහ බැංකුව විසින් ඊයේ දිනයෙදි පමණක් රටට මුදා ඇත.

තවද ඉකුත් සිකුරාදා (11) දින නිකුත් කළ නිවේදනයට අනුව භාණ්ඩාඩගාර බිල්පත්/බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,521.69ක් ලෙස සඳහන් වේ. නමුත් එය සඳුදා (14) දිනය වන විට ඉහත සඳහන් කළ පරිදි රුපියල් බිලියන 1,543.97ක් ලෙසට සඳහන් විය.

ඒ අනුව රුපියල් කෝටි 2,227ක නව මුදල් මහ බැංකුව විසින් සඳුදා (14) දිනයේ පමණක් රටට මුදා ඇත. එහිදී දින දෙකක් තුළ මහ බැංකුව නිකුත් කළ සමස්ථ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 10,530ක් වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button