දේශීය

රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහි නඩුව කල්යයි

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගනයේ සද්ධාරතන හිමියන්​ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවා.

සැකකාර හිමිනම යූ ටියුබ් වීඩියෝ ඔස්සේ සිදු කළ අදහස් දැක්වීම් ලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බවත් 15000ක් පමණ පිරිසක් එය අනුමත කරමින් අදහස් දක්වා ඇති බවත් සැකකාර හිමිනම ඉදිරිපත් කරමින් පරිඝණක වෝහාරික අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණය හමුවේ වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් දක්වා තිබෙනවා.

එමෙන්​ම ඒවා අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති අතර එම වීඩියෝ පටය හේතුවෙන් ආගමික හා ජාතික සංහිදියාවට තර්ජනයක් බවයි අධීකරණයට වාර්තා කර ඇත්තේ.

ඇප මත මුදා හැර ඇති සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button