දේශීය
කබ්රාල්ට එරෙහි නඩුව ජනවාරි 25 ට කල් යයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ල වැඩිදුර වාර්තා සඳහා ලබන වසරේ ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළා.
අදාළ පැමිණිල්ලෙන් උන්වහන්සේ දක්වා තිබුණේ හිටපු මහබැංකු අධිපතිවරයා ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරිමක් සිදු කර ඇති බවයි.
මීට අදාළව හිටපු මහබැංකු අධිපතිවරයා අද විවෘත අධිකරණයේ පෙනී සිටියා.