ස්ථිරව කොහෙට හරි යනකන් ගෝඨා තායිලන්තයේ ඉන්නවා – තායිලන්ත අගමැති

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණය ලැබෙන තුරු තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටින බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මහතා ඊයේ (10) තහවුරු කළ බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.
තමාට ස්ථිර රැකවරණය ලබා දෙන වෙනත් රටක් ලැබෙන තුරු සිය රට තුළ දේශපාලන කටයුතු සිදු නොකරන බවටද ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.
තායිලන්ත විදේශ අමාත්‍යාංශයද ප්‍රකාශ කළේ තායිලන්තයට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් ලැබී ඇති නමුත් ඔහු එරටින් දේශපාලන රැකවරණ පතා නොමැති බවයි.
දෙරට අතර වීසා නිදහස් කිරීම පිළිබඳ 2013 ගිවිසුමට අනුව රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් රැඳී සිටීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු විරෝධයක් නොදක්වන බවද තායිලන්ත විදේශ අමාත්‍යංශය සදහන් කරනවා.
ජුලි 13 වැනි දින ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනට පලා ගිය අතර පසුදා ඔහු සංචාරය වීසා මත සිංගප්පූරුවට පලා ගිය අතර එම කාලය තුළ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ලබාදී ඉන් අනතුරුව දීර්ඝ කාලයක් එහි රැදී සිටියා.