දේශීය
පාර්ලිමේන්තුව රැකගන්න පොලිසියෙන් අන්තරයට කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම විරෝධතා පා ගමන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කරනු ලැබීය.
පසුව එම පා ගමන හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ හරහා රාජගිරිය වෙත පැමිණීමෙන් අනතුරුව පොල්දූව මංසන්ධිය වෙත පැමිණියේය.
පසුව පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන්කිරීමට උත්සහ කිරීමත් සමඟ පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබීය.
කෙසේ වෙතත් අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් එම ස්ථානයේ තවදුරටත් විරෝධතාවයේ නිරතව සිටින අතර ඔවුන් හෙට උදෑසන දක්වා එම ස්ථානයේ සිටින බව වාර්තා වේ.