දේශීය
වතු පාසල්වලට ඉන්දියාවෙන් ගුරු පුහුණුව

ඉන්දීය රජය වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය විෂයන්වලට ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සඳහන් කර තිබෙනවා.
2023 ජූලි මස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාව සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3ක බහු ආංශීය පැකේජය යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු ව්‍යාපෘතියක් වශයෙන් මේ සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවන් නිශ්චිත කාලසීමාවන් සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවනු ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම වතුකම්කරුවන් සඳහා සූර්ය විදුලි ලාම්පු, ස්වයං උපකාර කාන්තා කණ්ඩායම් සඳහා මහන මැෂින් යනාදිය ඇතුළු මෙම පැකේජය යටතේ ක්‍රියාවට නැංවෙන තවත් ව්‍යාපෘතීන් රැසක් බව සඳහන්වනවා.