දේශීය
වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධකාගාරගත කර තිබෙනවා .
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එළැඹෙන 31 වනදා දක්වා එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගත කළ බව සඳහන් .
මුදල් ලබාදෙන බව පවසමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා මෙම පිරිස විසින් වකුගඩු ජාවාරම සිදුකර ඇති බව පොලීසිය පවසනවා
සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් තැරැව්කරුවන් වන අතර අනෙක් දෙදෙනා ඒ සඳහා ආධාර අනුබල දුන් ග්‍රාමසේවා නිලධාරීන් දෙදෙනෙකි.
එක් තැරැව්කරුවෙක් මීට පෙර දිනයක දී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් තිදෙනා ඊයේ (16) කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා .