Uncategorizedදේශීය
ජාතික රෝහල කළුවරේ – සැත්කම් විදුලි පන්දමෙන්

කොළඹ ජාතික රෝහලේ ගොඩනැඟිලි රැසකට ඊයේ පෙරවරු 10 සිට පැය 8කට වැඩි කාලයක් විදුලිය විසන්ධි වී තිබෙනවා.
මෙහිදී අභ්‍යන්තර දුරකථන පද්ධතිය හා වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වී ඇති අතර ඒ හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අවස්ථාවේදී ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් තමන් නිරතවී සිටි සැත්කම් සිදු කර තිබුණේ විදුලිපන්දම් ආධාරයෙන්.
මෙම විදුලි බිඳ වැටීමත් සමඟම ලේ බැංකුවේ කටයුතු ද පැය ගණනාවකට ඇණ හිට තිබුණු අතර දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර බැටරි බලයෙන් ක්‍රියාත්මක කිරීමටද සිදුව තිබුණා.
ජාතික රෝහලේ නඩත්තු අංශයේ පරිපාලන නිලධාරීන් නව දෙනෙකු සේවය කරන අතර ඔවුන් සේවයේ යෙදී සිටියදී මෙම විදුලි බිඳවැටීම සිදුව තිබුණා.