තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම්-ජනපති රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භූ කම්පනයෙන් විපතට පත් තුර්කි ජනාධිපති රිසිප් තායිප් එර්දොවාන් මහතා දුරකතනයෙන් අමතා මෙරට සහය පළ කර තිබෙනවා.
ව්‍යසනයේදී විපතට පත් තුර්කි ජනතාවට සහ තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන්.
මේ අතර තුර්කියේ භූ කම්පනයත් සමග අතුරුදන් වූ ශ්‍රී ලංකීක කාන්තාවගේ තොරතුරු තවදුරටත් සොයා බලමින් සිටින බව තුර්කියේ ශ්‍රී ලංකීක තානාපති කාර්යාලය සඳහන් කළා.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත මහත්මිය සඳහන් කළේ, 69 හැවරිදි කාන්තාවක් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.
එම කාන්තාවගේ ජංගම දුරකතනයට ලබා ගන්නා ලද ඇමතුම්වලට වෙනත් පුද්ගලයකු විසින් ප්‍රතිචාර දක්වන බව සඳහන් කළා.
තානාපතිවරිය සඳහන් කළේ, භූ කම්පනය හටගත් ප්‍රදේශවල ශ්‍රී ලංකීකයින් 16 දෙනෙකු රැඳී සිට ඇති අතර ඉන් 15 ක් නිරුපද්‍රිතව සිටින බවයි.