ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති 38 වැනි තරගය වන ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 83 කින් නෙදර්ලන්තය පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00 Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 46(29)ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 17(20)ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 34(26) ක්ද, චරිත් අසලංක ලකුණු 46(21)ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30 (15) ක්ද, නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20(06) ක්ද, රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම, පැතුම් නිස්සංක සහ දසුන් ශානක ලකුණු කිසිවක් නොලබා දැවී ගියා.

Logan van Beek ලකුණු 02, Vivian Kingma, Paul van Meekeren, Aryan Dutt, Tim Pringle එක් කඩුල්ල බැගින්ද දවාගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 202ක පිළිතුරු ඉනිමක් හඹා යාම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්තයට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 118 ක් පමණයි.

Michael Levitt ලකුණු 31(23), Max O’Dowd ලකුණු 11(08) , Sybrand Engelbrecht 11(09), Aryan Dutt 10(08) ක්ද, නායක Scott Edwards ලකුණු 31(24) ක්ද, රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් තුෂාර කඩුලු 03ක් ද, නායක වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 02 බැගින්ද, දසුන් ශානක, මහිෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයෙන් නිල වශයෙන් මේ වන විට ඉවත්ව ඇති අතර, මෙම තරගය ජයග්‍රහණයකින් නිමා කළ ද, ඔවුන් මෙවර ලෝක කුසලාන බලපොරොත්තුව අත් හැර දමා නැවත මෙරටට පැමිණිය යුතුයි.

T20 ලෝක කුසලානයේ 39 වැනි තරගය ලෙසින් නවසීලන්තය සහ පැපුවා නිව් ගිනියාව සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00 Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වීමට නියමිත අතර, මූලික වටයේ අවසන් තරගය ලෙස 40 වැනි තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.00ට බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇෆ්ගනිස්ථානය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී තර​ඟ වදිනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button