දේශීය
ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් කරනවා – අනුර

ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පුනරුදයට රටම එකට යන තේමාව යටතේ මහනුවර නගරයේ පැවැති රැස්වීම අමතමින්.
අමාත්‍යවරයා පවසන්නේ, පුරවැසියාට නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටු වෙන බව හැඟෙන්නේ නැතිනම් අශිෂ්ට සමාජයක් බිහිවනු ඇති බවයි.
මේ රට නීතියේ විධානයට අවනත කළ යුතු බවත් ඒ කළ හැකි එකම පක්ෂය ජාතික ජන බලවේගය බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.