දේශීය
පානීය ජල අර්බුදය නිසා ශ්‍රී ලංකාව හදිසි තත්ත්වයක්

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(22) පාර්ලිමෙන්තුවේදී ඉල්ලා සිටියා.
හදිසි ක්‍රියාකාරී කමිටුවක් මගින් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත්, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා යන අමාත්‍යාංශ මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවා.
මෙම අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන් විසින් කමිටුව පිහිටුවන අතර, එම අමාත්‍යාංශවලට අනුයුක්ත ආයතන ද එම ක්‍රියාවලියට සම්බන්ධ වනු ඇත.