ශ්‍රී ලංකාව අතිධාවන උද්ධමනයකට මුහුණ දෙමින් සිටී

ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරන පාලනයකින් තොර මුදල් මුද්‍රණය හේතුවෙන් මෙරට “අතිධාවන උද්ධමනයක ට” මුහුණ දී ඇති බව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.
ඔවුන් පෙන්වා දී තිබෙන්නේ මෙම මුදල් මුද්‍රණය පාලනයට පියවර නොගත හොත් නුදුරු අනාගතයේ දීම ශ්‍රී ලංකාව තුළ “ජවන උද්ධමනකාරී” තත්ත්වය ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.
දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇතිවූ උද්ධමනයට සමාන ‘අතිධාවන උද්ධමනයක්‘ මේ වන විට රට තුල පවතින බවත් උද්ධමනය 20% ඉක්මවූ විට විධිමත් පාලනයකට නතු කර නොගන්නේ නම් එය 100%, 200% ඉක්මවන ‘ජවන උද්ධමනය‘ ක් බවට පත් වන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබෙන්නේ.
පසුගිය සිකුරාදා (18) මුද්‍රණය කළ රුපියල් ලක්ෂ 559,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 21 දක්වා) මුද්‍රණය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,625,240 ක්.
මහ බැංකු අධිපතිවරයා විසින් මෙම තත්ත්වය සාධාරණීකරණය කිරීම සඳහා වරින් වර මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ මුදල් මුද්‍රණය හරහා බඩු මිල වැඩි නොවන බවයි.