දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ලංකාවේ

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇති රට බවට නවතම විශ්ලේෂණයකින් අනාවරණයවූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළා.
සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත විදුලි ගාස්තුවට වඩා ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව 2.5 සිට 3 ගුණයක් දක්වා ප්‍රමාණයකින් වැඩි බව එම විශේලේෂණයෙන් හෙළිවූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවා.
වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේ, දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ වුවත් එම ගාස්තුව ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු බවයි.
ශ්‍රී ලංකාවේ විදුලි ඒකක 100 පාවිච්චි කරන නිවසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පාකිස්තානයේ නිවෙසකට වඩා 50% කින් ඉහළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
ඒකක 300 පාවිච්චි කරන නිවෙසක් ගෙවිය යුතු ගාස්තුව පකිස්තානයේ නිවෙසකට වඩා 97% කින් ඉහළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබාදී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළා.
වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේ, මෙම මාසයේදී සැලසුම් කර ඇති බදු අඩුකිරීම යටතේ 4% කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙණු ඇති බවයි.
එසේ අඩු කළද ශ්‍රී ලංකාවේ නිවෙස් වලට දකුණු ආසියා කලාපයේ ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් පැවසුවා.
ඒකක 100, 200 සහ 300 ක විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරන නිවසකින් ශ්‍රී ලංකාව කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේ දැයි මෙම විශ්ලේෂණයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විමසුමට ලක් කර තිබෙනවා.
එමෙන්ම මෙම විශ්ලේෂණයේදී සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නොමැති බවද සඳහන්වනවා.