ක්‍රීඩා

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක්

මේවන විට ශ්‍රී ලංකාව තුළ මතුව ඇති දේෂපාලන අස්ථාවරභාවය හේතුවෙන් ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

15වන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය අගොස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුනි.

ඔවුන් පවසන්නේ ජුනි සහ ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පාදක කරගනිමින් ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ තීරණය කරන බවය.

කෙසේවෙතත් ඉන්දියාව සහ පාකිස්තානයේ පැවැත්වෙන දේශපාලන අර්බුදත් සමඟ ශ්‍රී ලංකාවේදී ආසියානු කුසලානය පැවැත්වීමට නොහැකිනම් මීළගට සත්කාරකත්වය ලබාදෙන රට පිළිබඳ ගැටළුවක් මතුව තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button