විදෙස්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් අල් නහ්යාන් මියගොස් තිබේ.

ඒ බව ජනාධිපති කටයුතු අමාත්‍යාංශය මෙම මරණය නිවේදනය කළේය

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ජනාධිපතිවරයාගේ මියයෑම හේතුවෙන් එරට අද සිට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

1948 වසරේ උපත ලද කලීෆා 2014 වසරේ හෘදයාබාදයකට ලක් වූ දින සිට ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ කලාතුරකිනි. අවමංගල්‍ය යාඥාවන් සිකුරාදා පැවැත්වෙන බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන WAM ප්‍රකාශ කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button