ක්‍රීඩා
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ගුවහාටිහිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වීමට නියමිතයි.
මීට අමතරව ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයද, ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර තරගයද අද පැවැත්වීමට නියමිතයි.
ඊයේ (02) පැවති තරගවලදී බංග්ලාදේශයට එරෙහිව එංගලන්තය කඩුලු 04ක ජයක් අත්කර ගැනීමට සමත් වුණා.
මේ අතර, දකුණු අප්‍රිකාව සමග පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 07කින් ජය ගැනීමට නවසීලන්තය කණ්ඩායම සමත් වුණා.