දේශීය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා අයදුම්පත් භාරගැනීම අද (05) දිනයේදී තාවකාලිකව අත්හිටවූ බවත් අනෙකුත් සේවා දහවල් 12.30 දක්වා සීමා වන බවද දන්වා සිටී.

පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම තීරණය ගත් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මැයි මස 3 වන දින ද මෙලෙසම පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වූ අතර පසුව ඊයේ (04) දිනයේ දී එය නැවත යථා තත්ත්වයට පත්කර තිබුණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button