රට බංකලොත් බව මුදල් ඇමති නොකියා කියයි

2019 වර්ෂය අවසාන වන විට ඩොලර් බිලියන 7ක්ව තිබූ විදේශ සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 50කටත් අඩු අගයක පවතිනව බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි විදෙස් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 50ක් වත් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ඔහු තවදුරටත් පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.7%ක් දක්වා කඩා වැටී ඇති බවය.
තවද සංචාරක ව්‍යාපාර නැවත ගොඩනැගිය යුතු බවත්, පසුගිය මාස තුන තුළ ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ ආදායම මේ මාසය වනවිට 47%කින් පමණ අඩු වී ඇති අමාත්‍යවරයා පවසා තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුනේ, පහුගිය අවුරුදු දෙක තුන තුළ ටැක්ස් කැපීම, IMF නොයෑම, ඩොලර් එක අල්ලගෙන සිටීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කල්ගතවීම, නොකළ යුතුව තිබුණු බවත්, එය මෙම රජය පැත්තෙන් සිදුවුණු වරදක් බවත්, ඒ ස්වයං විවේචනය පිළිගැනීමට ආණ්ඩුවට අයිතියක් තියෙනවා, යනුවෙනි.