දේශීය

වකුගඩු, වැඩිහිටි, ආබාධිත දීමනා පමාවෙන් හය ලක්ෂයක් අසරණයි – විමල් වීරවංශ

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල වකුගඩු රෝගීන්ගේ දීමනාව ගෙවීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් එම ප්‍රතිලාභීන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, ආබාධිත දීමනාව හා අඩුආදායම්ලාභී වැඩිහිටි දීමනාවද රජය විසින් මෙතෙක් ගෙවා නොමැති බවයි.

මන්ත්‍රීවරයා එම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ වැඩිහිටි දීමනාව ලබන 5,17,692ක්, ආබාධිත දීමනාව ලබන 88,602ක් සහ වකුගඩු රෝගී දීමනාව ලබන 41,119ක් වශයෙන් සමාජයෙහි අත්වැලක් අත්‍යවශ්‍යව සිටින 6,47,683දෙනකු මෙසේ පීඩාවට ලක්ව ඇති බවයි.

මෙම පිරිස වෙනුවෙන් මාසිකව වෙන් කළ යුතු රුපියල් මිලියන 2,684ක මුදල සමාජයක් ලෙස දැරිය යුතුම වැය බරක් යැයිද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, වකුගඩු රෝගීන්ට, ආබාධිත ජනයාට හා වැඩිහිටියන්ට ලබා දෙන දීමනාව ඔවුන්ට “මහමෙරක්” සේ වටිනා බවත් ව්‍යාජ ක්‍රමවේදයක් සකසන බව මාවා පා නව ගෙවීම් ක්‍රමය ‘අස්වැසුමක්’ කියමින් වත්මන් ආණ්ඩුව ඉහත කී දීමනා මීට පෙරද ප්‍රමාද කළ බව මන්ත්‍රිවරයා පවසනවා.

විමල් වීරවංශ මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම දීමනා පෙර පැවැති ක්‍රමයටම ගෙවීමට පියවර ගන්නා බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අගෝස්තු මස අවසානයේදී මාධ්‍ය හමුවේ පවසා තිබුණද මෙම අන්ත අසරණ පිරිසට ජූලි මාසයේ දීමනාව ලැබී ඇත්තේ අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මුල බවයි.

රට ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටියද තමන්ට හිමි සියලු වරප්‍රසාදයක්ම කිසිදු අඩුවකින් තොරව භුක්තිවිඳින පාලකයන් “ණයට අරන් – සැපට කාලා” ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිනවීමේ අරමුණින් අත්‍යවශ්‍ය සුබසාධන දීමනා ප්‍රමාද කිරීමටත්, ප්‍රතිලාභී පිරිස් කප්පාදු කිරීමටත් පියවර ගෙන තිබෙන බවත් වීරවංශ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ ආණ්ඩුවට එම අරමුදලේ නියෝග හැර අන් කිසිවක් පෙනෙන්නේ නැති බවත් ඒ අනුව රාජ්‍ය සේවකයන්, වෘත්තිකයන්, මැද පන්තියේ පිරිස් ජීවන වියදම දරාගත නොහැකිව සිටියදී බදු පිට බදු අයකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button