2024දී දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය නව මුහුණුවරකින්

සීගිරිය ඇතුලු පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂාවට, ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනයට අවශ්‍ය නියමු සැලැස්මක් මේ වනවිට සකස් කර අවසන් බවත්, එළඹෙන 2024 වසරේ මාර්තු මස වන විට එහි වැඩ කටයුතු සාර්ථකව සිදුකළ හැකි බවත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය පිළිබඳව දේශීය විදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සීගිරිය පුරාවිද්‍යාත්මක ස්ථානයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
ජාතික උරුමයන් නම් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත්, ශ්‍රී ලංකාවෙන් ලෝක උරුම ලේඛනය සඳහා අලුතින් එකතු කිරීමට යෝජනා කර ඇති බවත්, විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අලුතින් ආරම්භ කර ඇති සීගිරි පර්වත මස්තකයේ සිට ඉර උදාව සහ ඉර බැසීමේ දර්ශනය නැරඹීමේ වැඩසටහන විදේශීය සංචාරකයන් අතර මහත් ලෙස ප්‍රචලිත වී ඇති බවත්, තවදුරටත් සීගිරිය ආශ්‍රීතව සහ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි සිදු කෙරෙන ව්‍යාපෘතින් පිළිබඳව දෙස් විදෙස් සංචාරයන් දැනුම්වත් කරන ලෙසද සියලුම මාධ්‍ය ආයතන මඟින් අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක්ද සිදුකළා.