කුකුලු මස් කිලෝ දෙකක් සොරා ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

කිරිඳිවැල ප්‍රදේශයේ පොලීසියක කණිෂ්ඨ නිළධාරින්ගේ භෝජනාගාරයේ ශීතකරණයේ තිබූ කුකුල් මස් කිලෝ දෙකක් සොරා ගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පොලීසිය තවදුරටත් පැවසුවේ රථවාහන වරදකට යතුරු පැදිකරුවකුගෙන් රුපියල් 1000ක මුදලක් බලෙන් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක්ද ඔහුට එරෙහිව ඇති බවයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයකු ඉකුත් 18 වෙනිදා අපරාධ නිවාරණ මෙහෙයුම් සඳහා යොදවා සිටියදී සිටිය දී පිරිමි පුද්ගලයකු ඔහුගේ බිරිඳ සහ දැරියක සමඟ යතුරු පැදියක ගමන් කර තිබෙනවා.
එහිදී යතුරු පැදියේ ගමන් කළ අයෙකු හෙල්මටයක් පැළඳ නොසිටියේ යැයි කියමින් පළමුව දඩ කොලයක් නිකුත් නොකර සිටීමට රුපියල් 3000ක මුදලක් ඉල්ලා අනතුරුව ඔවුන්ගෙන් රුපියල් 1000ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමට අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
යතුරුපැදිය පදවාගෙන ගිය අයගේ දියණිය කොළඹ ප්‍රදේශයේ පොලීසියක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස රාජකාරි කරන තැනැත්තියක් බවද වාර්තා වෙනවා.
පොලීසිය තවදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විමර්ශනය කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා සමඟ රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයාගෙන්ද සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවයි.