දේශීය

Shell ඉන්ධන යළි ලංකාවට

වසර 63 කට පසු ෂෙල් සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට එකතු වෙමින් එම සමාගමේ ප්‍රථම ඉන්ධන නැව මෙම මස 19 වැනි දින කොළඹ වරායට ඇතුළු වීමට නියමිත බව වාර්තාවනවා.

1961 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් 1880 පමණ සිට ශ්‍රී ලංකාවේ කටයුතු කළ ෂෙල් ඉන්ධන සමාගම රජයට පවරා ගනු ලැබුවා.

ඉන්පසු එම සමාගම ඔවුන්ගේ ආසියාවේ මෙහෙයුම් කටයුතු ලංකාවෙන් ඉවත් කොට සිංගප්පූරුවේ ආරම්භ කරන ලද අතර අද සිංගප්පූරුවේ දැවැන්ත සමාගමක් බවට එය පත්වී තිබෙනවා.

එමගින් බලශක්ති ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත්වීමට සිංගප්පූරුවට හැකිවී තිබුණා.

කෙසේවෙත​ත් රජයේ මෙම බලශක්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ ආනයනය කිරීමට ගබඩා කිරීමට සහ බෙදා හැරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ වෙනුවෙන් රජය ඉන්ධන පෙරහුම්හල් 150ක් වෙන්කොට ඇති අතර නව පිරවුම් හල් ආරම්භ කිරීමට බලපත්‍ර 50ක්ද නිකුත් කර තිබෙන බවට වාර්තා වුණා.

ඒ අනුව වසර හැට තුනකට පසු ෂෙල් සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට එකතුවී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button