දේශීය

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07)පැවසුවා.

ඔහු සඳහන් කළේ, එම ආයෝජකයන් කැඳවීමේ කටයුත්ත කරන්නේ මහා භාණ්ඩාගාරය බවයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී.

ගුවන් නියමු තනතුරු සඳහා දෙසීය දෙනකු අයදුම්පත් යොමු කර ඇති බවද නිමල් සිරිපාල සිල්වා මහතා සඳහන් කළා.

ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළ යුතු වන අතර ගාලු වරාය ත්‍රිකුණාමල වරාය ලාභ ලබන තත්වයට ගෙන ආ බව පැවසූ අමාත්‍යවරයා වරායන් ගුවන්තොටුපළවල් රජයේ පාලනයෙන් මිදිය යුතු බවද පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button