දේශීය
සපුගස්කන්ද නැවතත් හෙට සිට වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම නිසා හෙට (21) සිට සති තුනක පමණ කාලයකට නැවත වසා දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසා තිබෙනවා.
බොරතෙල් මේ වන විට ඇනවුම් කර ඇති අතර බොරතෙල් ලැබුණු වහාම නැවත විවෘත කරන බවත් එම බොරතෙල් අප්‍රේල් මාසයේ ලැබෙනු ඇති බවත් විජේසිංහ මහතා සඳහන් කර ඇත.
බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන තුන්වැනි අවස්ථාව මෙය වේ.