දේශීය

සමන්තා පවර් දිවයිනට

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලක, සමන්තා පවර් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

දෙදින තුළ ඇය ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති.

කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 664 දරණ ගුවන්යානයෙන් ඇය තවත් නියෝජිතයන් හතරදෙනකු සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද පෙරවරු 9ට පැමිණි බවයි වාර්ථා වන්නේ .

සමන්තා පවර් මහත්මිය මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ද කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button