දේශීය
අනතුරට ලක්ව මියගිය පොලිස් සැරයන්ට වයස අවුරුදු 55 තෙක් වැටුප් දීමනා

නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී රිය අනතුරකට ලක්ව මියගිය පොලිස් සැරයන්වරයාට ඔහු ජිවත්ව සේවයේ සිටියාසේ සලකා රජයේ සියලු වැටුප් වැඩිවීම්, දීමනා සහ වැටුප් වර්ධක ලබාදීමට තීරණය කර තිබෙනවා.
එහිදී වාර්තා වන්නේ, වයස අවුරුදු 55 වනතෙක් ඔහුට මෙම දීමනා ලබා දීමට තීරණය කර ඇති බවයි.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව මියගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ තනතුර ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.