දේශීය
සක්විති රණසිංහට වසර 5කට අත්හිටවූ වසර 22ක සිර දඬුවමක්.

මූල්‍ය වංචාවකට වරද පිළිගත් සක්විති රණසිංහට වසර 5කට අත්හිටවූ වසර 22ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.
මීට පෙර වසර 10කට අධික කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ රුපියල් කෝටි 162 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන්.
2009 වසරේ සැප්තැම්බර් මාසයේ වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සත්විති රණසිංහ 2019 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.