Uncategorizedදේශීය

වියළි කාලගුණය නිසා මී උණ  පැතිරීමේ අවදානමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවයි.

ජලය අවම ස්ථානවල ස්නානය කිරීම මඟින් සමේ රෝග සහ පාචනය ඇති වීමේ අවදානමක් ද මතු ව ඇති බව ඒ මහතා අවධාරණය කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ  පානීය ජලය විකිණීමේ කටයුතු කරන ස්ථාන පිළිබඳවද දැඩි විමසිල්ලකින් කටයුතු කරන බවයි.

වෙනත් ක්‍රමවලින් ලබාගන්නා ජලය පානය කරන්නේ නම්, උතුරුවා නිවා ගත් ජලයම භාවිත කරන ලෙස ද එම සංගමය ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියා, මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයට යොමු කළයුතු මට්ටකම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සඳහන් කළේ අධික උණුසුම සම්බන්ධයෙන් ජනතාවට විමසිලිමත් වන ලෙස අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර වියළි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 280,230 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button