කෝප් කමිටුවේදී හෙළිවූ රටේ තෙල් තත්ත්වයේ අවදානම

විධිමත් තහවුරු කර ගැනීමකින් තොරව සංස්ථාවේ ගිණුමේ පොත්වලින් රුපියල් මිලියන 1,516ක ලැබිය යුතු ශේෂය කපා හැරීමට අදාළව විමසීමට ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරු කිහිප දෙනෙක් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල 3ක් ලබන ජනවාරි 09 දින කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුවටට ඛනිජ තෙල් සංස්ථාව කැඳවා කළ විමසීමේදී මේ බව සඳහන් කෙරුණා.
හදිසි තත්ත්වයකදී ප්‍රයෝජන ගැනීමට ප්‍රමාණවත් තරම් ආරක්ෂක තෙල් තොග නොපවතින බව කමිටුව පෙන්වාදී තිබෙනවා.
මෙහිදී රටේ හදිසි අවස්ථාවකදී උපයෝජනය කිරීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පවත්වාගෙන යෑම පිළිබඳ ඇති හැකියාව කමිටුව විසින් පිරික්සීම සිදුවී තිබෙන බව සඳහන්.
එමෙන්ම නිලධාරීහු පෙන්වාදී ඇත්තේ, ඩීසල් මෙට්‍රික් ටොන් 60000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 45000ක් පවත්වාගෙන යන බවයි.