දේශීය

පූජ්‍ය උලපනේ හිමි ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තාවන්නේ.

අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණා.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button