රජයේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම කඩිනමින්.

ප්‍රමාද වී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව, 2021 වර්ෂයට අදාළව මේ වනවිට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසානයට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දීමටත්, 2022 වර්ෂය සඳහා ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය මාස 6ක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම සඳහා ද කැබිනට් අනුමැතියත හිමිව තිබෙනවා.
මේ අතර විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේ ක්‍රමවේදය තිරසාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනය කර යෝජනාවලියක් සැකසීම හා ඉදිරිපත් කිරීම සඳහා, හය පුද්ගල කමිටුවක් පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි ව ඇති අතර එම කමිටුවේ සභාපතිත්වය මහා භාණ්ඩාගරයේ ලේකම් විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුට හිමි වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල තීරණයන්හි සඳහන් .
තව ද එම කමිටුවේ ලේකම් වශයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් විසින් නම් කරනු ලබන අදාළ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කටයුතු කළ යුතු අතර කමිටුවේ සෙසු නිලධාරීන් වන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් විසින් නම් කරන එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ය.
එසේ ම විශ්‍රාම පාරිතෝෂිකය සම්බන්ධයෙන් වන මෙම කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව, මාසයක් තුළ, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා මගින්, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.